මිනිහෙක්ට වෙන වැඩක් නම් නෙමෙයි……!!

NPW

                                                                                                                                                ඔහු කාලයක් පෙරුම් පුරමින් සිටියේ තමුන්ගේම කියා ලැප්ටොප් පරිගණකයක් ගන්නා තුරු ය. ඒ සඳහා අවශ්‍ය  යටිතල පහසුකම් සපයාගැනීමෙන් අනතුරුව හෙතෙම මා ඇමතුවේ තත්වයෙන් යහපත් ලැපක් අඩු මුදලකට ලබා ගැනීමට ය. ඒ සඳහා දින වකවානු ද කල්තියා සකස් කරගත් ඔහු, නියමිත දිනය පැමිණෙන තුරු බලා සිටියේ දැඩි නොඉවසිල්ලෙනි.

මේ කතාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන පුද්ගලයා මගේ හොඳ මිතුරෙකි. ඔහුට අපි “Rටා” යැයි කියමු.

 එදා සඳුදා දිනයකි. සති අන්තයේ ගෙදර පැමිණ සිටි මම උදේ පාන්දර 5ට පමණ ගාල්ලෙන් බසයක නැගගත්තෙමි. කලින්දා රාත්‍රියේ කතා වුනු පරිදි Rටා බාඳුරාගොඩ සිට යුනිටි ප්ලාසා වෙත පැමිණීමට නියමිත ය. හරියට උදෑසන 9ට යුනිටිය ඕපන් කරන නියා මා ඔහුට කීවේ 9ට පමණ එහි පැමිනෙන්න කියා ය. පෙරවරු 8.45 වන විට මා බම්බලපිටියෙන් බැස ගත්තෙමි. ලාවට බඩගින්නක් ද ආ නියා, පෙරේරා & සන්ස් වෙත ගොඩවී යමක් ගිලගත්තෙමි. ආහාර බුදින අතරතුර Rටා ට ඇමතුමක් ගෙන කොහිදැයි ඇසූ මට කන්නට වෙන කට්ට ගැන මතක් වී හීන් දාඩිය දැම්මේ ය. එනම් ඔහු ඒ වනවිටත් බාඳුරාගොඩ සිට වේයන්ගොඩට දිවෙන කොට කොට බස් රථයක සිටි බැවිනි. කුමක් කරම්ද ආපු එකේ වැඩේ කරන්නත් එපැයි.. කාලය ගතකිරීමට MC එක පැත්තට ඇදුනෙමි..

ඉක්බිතිව පෙරවරු 11ට ආසන්නව ඔහු පැමිනියේ ය. අනතුරුව අප දෙදෙනාම යුනිටියේ මා දන්නා අඳුරන කඩය වෙත පිය මැන්නේ දැඩි අලස බවකිනි. ඔහු අවශ්‍ය කරන වර්ගයේ ලැපක් තෝරාගත්තේය එක ඩෙල් වර්ගයේ ලැපක් වූ අතර අයි5 එකකි. විකුණුම් මිළ 82ක් පමණ වූ එය 74කට කතාකරගන්නා ලදී. ඉන්වොයිසිය ලියන අතරතුර මේකා මා සමඟ කීවේ මෙවැනි කතාවකි. ” මචං කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නේ ද..? ”  අනේ අෆොයි.. මේ ගෝතයා මෙච්චර වෙලා ඉඳල දැනුයි කිව්වෙ. කඩේ පුද්ගලයාගෙන් ඇසූවිට කීවේ කාඩ් එකෙන් ගෙවනවානම් රු. 1850/-ක් වැඩිපුර ගෙවීමට සිදුවෙන නිසා පහල ATM එකට ගොස් හැකිතරමක් මුදල් කර රැගෙන එනු කියා යි. පසුව අපි දෙදෙනාම පහල BOC ATM එක වෙත ගියෙමු. එතැනත් ප්‍රශ්නයක් මොහුගේ මුදල් තිබෙන්නේ බැංකු 2කය. BOC එකේ 15ක් සහ Seylan එකේ 60කි. දැන් BOC එකේ තිබූ 15 කෑෂ් කර ගත්තෙමු. අනතුරුව Seylan ATMඑකක් සෙවූ නමුත් ඒ ආසන්නයේ නොතිබුණි. එහෙයින් MC – Commercial ATM එකට Seylan කාඩ් එක දමා එයින් මුදල් ලබා ගැනීමට මොහු පෙළඹුණි.

අවාසනාවක මහත..!!!! ඔබගේ කාඩ්පත බල රහිත කරන ලදී ද මොකද්ද එකක් සමග කාඩ් පත ATMයන්ත්‍රය තුල හිර වුණි. එබිය හැකි සියලු බොත්තම් එබුවද කාඩ්පත එලියට නො ආවේය. බැංකු පොතද මොහු දමා ඇවිත් ය. දැන් සල්ලිත් අරන් ඉවරයි..  අප දෙදෙනා ස්ටක් වී මුහුණින් මුහුණ බලාගෙන සිටී… ඒ ආසන්නයේ සිටි සිකුරිටි කෙනෙක් ගෙන් ඇසූ විට උඩ තියෙන Commercial බැංකුව වෙත ගොස් මැනේජර් හමුවෙන්න යැයි කීවේය. එහි ගිය පසු දෑගන්නට ලැබුනේ තවත් හතරබීරි කතාවකි. පහල ඇති ATMයන්ත්‍රයේ මුදල් දැමීම් සහ සියලු කටයුතු බාරව සිටින්නේ Union Place ශාකාවෙන් බවත් කාඩ්පත ලබා ගැනීමට එම බැන්කුවේ නිළධාරියෙකු අමතන ලෙසත් ය. දුරකතන අංකයක් ද ලැබුනි. එය ඇමතූ පසු කියා සිටියේ ඔවුන් මුදල් දැමීමට දින 2කට වරක් පැමිණෙන බවත් ඊයේ මුදල් තැන්පත් කළ බවත් නැවත අනිද්දා පැමිණේන විට කාඩ්පත අරන් දිය හැකි බවත් ය. Rටාට දෙලොව රත් වුණි. කරගන්නට දෙයක් නැති විය. දැන් අරෙහේ ඉන්වොයිසියත් ලියා අවසානයි. වෙයා හවුස් එකේ ලැපත් රෙඩිකරමින් සිටියි. එවර මාගේ මිතුරෙකුට ඇමතූ පසු සිද්ධිය අසා ඔහු කීවේ කොල්ලුපිටියේ ඇති සෙලාන් බැංකුව වෙත ගොස් හදිසි උදල් අවශ්‍යතාවයක් නිසා ජා.හැඳුනුම්පත පෙන්වා මුදල් ලබා ගන්නා ලෙසයි. ඉන්පසු එහි ගොස් සිද්දිය කියා මුදල් ඉල්ලූපසු එහි මැනේජර් මහතා කීවේ පොත නැතිව මෙපමණ මුදල් ප්‍රමාණයක් දිය නොහැකි අතර අවශ්‍යනම් රු.5000/- ලබා දිය හැකි බවත් ය. “නෑ 5000 උඹම තියාගනින්” යැයි කියූ මගේ මිත්‍රයා බැංකුවෙන් ඉවතට පැමිණියේ ය. 

අහෝ දැන් කුමක් කරම්ද…??? බැංකු පොත ගෙනේමට මොහු බෙලිඅත්තට යා යුතු ය. ඔව් ඉතිං එහෙමවත් කරමු යැයි කියූ මිත්‍රයා සාප්පුවට ගොස් අර ලබාගත් 15000/- අත්තිකාරම් වශයෙන් ගෙවා හෙට පැමිණෙන්නම් යැයි කියා සසර කල කිරී බෙලිඅත්ත බලා ගමන් ඇරඹුවේ ය.  

අනේ අපොයි වෙච්ච දෙයක්……… මිනිහෙක්ට වෙන වැඩක් ද හැබෑවට..??

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: