අනේ කාලේ – වනේ වාසේ…!!!

බුදු අම්මෝ… අද තමයි කල්පෙකින් බ්ලොග් එක පත්තෙ අඩිය තිව්වෙ….

“නිකරුනේ කාලය ගත කරන කල්හි බ්ලොග් ලිවීම මැනැවි” යි කියල කිව්වට මොකෝ ජොබ් කට්ටක් හම්බුනාම බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් නැහැ නොවැ!

ඉතිං හදිස්සියේම බ්ලොග් එක පැත්තට ආවෙ අද බස් එකේදි වෙච්ච පට්ටම පට්ට සීන් එකක් ඔයාල එක්ක බෙදා ගන්න.

මේක වුණේ අද හවස මම දිව්ලපිටියෙ ඉඳල එද්දි මීගමුවට ඇවිත් බෝඩිම පැත්තට එන්න ගොඩවුණා 240/3 මීගමුව – ගුවන්තොටුපල බස් එකකට. මීගමුවෙ ඉඳන් කොප්පරා හංදියට එනකොටම බස් කොටය(තනි දොර ) ජෑම් වලින් උතුරන්න ගත්ත (JඇM පැක් ) ඉතින් පොඩ්ඩ දුර හින්ද මාත් ඔහේ ඉස්සරහ සීට් එකේ ඉඳන් ආව. ඔන්න බස් එක ගල්කන්ද හංදිය හරියට ආව. බස් එකට පොඩි දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙකුත් නැග්ග. (ඒ ගෑනිටත් පිස්සු පොඩි එකෙක් වඩාගෙන ලෝඩ් ගහපු බස් වලට නගින්න ).

බස් එකේ සීට් ගත්තම මම හිටියේ ඉස්සරහම පස්සෙ සීට් වල කොල්ලො දෙන්නෙක් ඇරුනම අනෙක් සේරම ඉඳන් හිටියෙ ගෑනු උදවිය.ඉතිං කොන්දොස්තර මහත්තය කිව්ව කවෘ හරි සීට්1ක් දෙන්න කියල. එකෙක් වත් නැගිට්ටෙ නැහැ නොවැ. මම නැගිට්ටෙ නැත්තෙ ඉස්සර සීට් එකට එයාට එන්න අමාරු නිසා. කොහොම හරි අර පිටිපස්සෙ හරියෙම ඉඳන් හිටිය කොල්ලො දෙන්නගෙන් 1ක් නැගිටල සීට් එක දුන්න (කොන්දොස්තර මහත්තය තුන් පාරක් විතර කිව්වට පස්සෙ ) ඉතිං අර ගෑනු මනුස්සය පොඩි එකාවත් වඩාගෙන සෙනග පීරගෙන පිටිපස්සටම ගියානෙ වාඩි වෙන්න. අර සීට් වල වාඩි වෙලා හිටිය අම්මණ්ඩිල එකෙක් වත් කනකට වත් ගත්තෙ නැහැනෙ. අනේ ද කියන්නෙ! “ගෑනියෙකුට උදව්වට ඉන්නෙ තවත් ගෑනියෙක්” පිස්සු නැත්නම් සෝක්!

ඔන්න අපේ කොන්දොස්තර උන්නැහැ තමයි දවසේ කතාව කිව්වෙ.

“අද කාලෙ ලමයි හම්බවෙන්නෙ පිරිමින්ටනේ….” කියල කිව්ව! අම්මපා මගේ ගාව මසුරන් තිබ්බනම් මන් ඒ මනුස්සයගෙ කටේ ඔබනව ඒ කිව්ව කතාවට!

ගම්මඩු වෘතාන්තය….

 

 

පහුගිය කාල සීමාව මා හට අතිශය කාර්ය බහුල අවධියක් ව පැවති හෙයින් බ්ලොග් සටහනක් ලියන්නේ නිකන් අවුරුද්දකට පස්සේ වගේ තමයි දැනෙන්නෙ.

2011 පෙබරවාරි මාසෙ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට එද්දි හීනෙකින්වත් හිතපු නැති විදියෙ ප්‍රායෝගික පුහුණුවක් ලබමිනුයි මං මේ දවස් වල කාලය ගතකරන්නෙ. එහෙම කිව්වට කාලය යනව ලොවෙත් තේරෙන්නෙ නෑ. දැන් ට්‍රේනිං වලටත් මාස 5 කට කිට්ටුයි.

මුලින්ම කියන්න ඕන මං ට්‍රේනිං ඉන්න ආයතනය ගැන. නමින්  ”ගල්ෆ් මෑන් පවර්”(Gulf Man Power).

Alcatel-Lucent සමාගමේ කොන්ත්‍රාත්තු ගන්න ආයතනයක් Etisalat Sri Lanka වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ. දිවයිනේ ටෙලිකොමියුනිකේෂන් කෙෂ්ත්‍රයේ ගුණාත්මක භාවයෙන් ඉදිරියෙන්ම ඉන්නෙ අපේ ආයතනය තමයි ඉතිං. පොඩි කොම්පැනිය වුනාට සුපිරි. වැඩ්ඩො ටිකත් එහෙම්මමයි. ඒවගේ සෙට් 1ක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ… සුපිරිම සුපිරි.

 

ඉතිං මේ දිනවල මං අත ගහල ඉන්නෙ “E1 dropping from SAR F Router” කියල ප්‍රොජෙක්ට් 1කකට. ඕකට ලංකාවෙ දහ අතේ යන්න තියනව. මුලින්ම අහුවුනේ කුරුනෑගලින් පටන් ගත්තු Ring 1ක්. ඒකෙ අහුවෙනව ඉබ්බාගමුව, වහකෝට්ටේ,දඹුල්ල,හබරණ,ජයන්තිපුර,මනම්පිටිය,වැලිකන්ද,ගිරාඳුරු කෝට්ටේ,සිරිපුර සහ ගම්මඩුව. ඕවයින් මුල් සයිට් 7 ම මං 21 – 24 ඉවර කරලයි තිබුනෙ. ඕන් ඉතිං ඉතුරු 3 කරන්න ගියේ ගිය 30 වෙනිද . මුලින්ම ගියේ ගිරාඳුරු කෝට්ටෙ සයිට් එකට. නුවර , මහියංගනය හරහා තමයි ගියේ. නියම පාර!!! යද්දි ටිකක් පරක්කු වුණ නිසා එදා දවසෙ කරන්න වුනේ ඒක විතරයි. රෑ වෙලා පොලොන්නරුව පැත්තෙ ගොහින් ගෙස්ට් හවුස් 1කක නතර වෙලා… හා…… මට කියන්න අමතක වුණා, මාත් එක්ක ගියේ හිරාන් කියල යාලුවෙක්. I.E.T. කට්ටිය නම් දන්නෙ “චේන්” කියල. ගියේ සුසුකි මරුටි කාර් පොඩ්ඩක. යන්න කලිං වීල් අලයින්මන්ට් එහෙමත් චෙක් කොරන්න වුනෙත් ඉතිං අපිටම තමා…

ඉතිං පහුවදා උදේ ඇහැරෙද්දි මෙන්න මූ(චේන්) කියපි වාහනේ පැච් 1ක් කියල. හත් ඉලව්වයි. ඇත්ත නේන්නං . හැබැයි ඉතිං ගියපු පාරවල් වල හැටියට එක රෝදෙන් ගියපු 1ක ලොකු දෙයක්. .. හ්ම්ම්ම්.. නැගිට්ට ගමන් නෙ හිටියෙ එහෙම්මම මචන් ගාගෙන ස්පෙයාර් වීල් 1ක දාගත්ත. යන ගමන් පැච් 1කත් දාගෙන ඔන්න ගියා  සිරිපුර ඒ පාර.ඒක තමයි පාර වෙන යන්න 1ක් නැති හින්ද ගියා මිසක් හිතකින් නම් නෙමෙයි ගියේ. කොහොමින් කොහොම හරි සිරිපුරත් ගොඩ දාගෙන අපි ගියා ගම්මඩු යන්න. එහෙට යද්දි හැන්දෑවෙ 6 විතර වෙලා. අහ්. ගියේ නකල්ස් පාරෙන්. ෆුල් ආතල්… සුපිරි ට්‍රිප් 1. අයිෂම ගුණ්ඩු.!!!

ඉතිං අහනවලකො කතාව. ගම්මඩු ගියාමනෙ දන්නෙ. ඇයි හත් ඉලව්වෙ උඩට යන්න 4වීල් ඕනිලු. මරුටියෙ ගියානම් ගිනස් වාර්තාවක්. .. ඒ පාර එතන හිටපු සෙට් 1කකින් ඇහැව්වම කිව්ව කි.මි. 13ක් තියනවලු 4වීල් යන්ට. පයින් යෑමක් තියනවලු කැළෑපාරක කි.මි.6ක විතර… ඒත් රෑ වෙලා යන්න එපා කිව්ව වල් ඌරොයි දිවියොයි ඉන්නවලු….  අනේ ඉතිං එතන ට්‍රක් 1ක් තියනව දැකල මං ඇහැව්ව මේක යනවද කියල .. මෑන්ස් කිව්ව “අපොයි ඔව් පෙරේදත් ගියා හිරු එෆ්.එම් එකේ ජෙනියට ඩීසල් අරගෙන” කියල. මේක යන්න හයර් එක කීයක් ඕනද ඇහුවම හෙනගහන්න වගේ ඒක කිව්වෙ නැතෑ 12 දාහක් ඕනි කියල. තියාගනිං උඹෙ ට්‍රක් එක කියල අපි ආපහු ආව උදේට පයින් යන්න හිතාගෙන. ඊට පොඩ්ඩක් එහා ලැයිමක් තිබ්බ එතන හිටි මනුස්සයෙක්ගෙන් “ගයිඩ්” කෙනෙකුත් සෙට් කරගත්ත. ඒපාර ආයෙ අපි මාතලේ හොටෙල් 1ක් හොයන් එන්න ආව. එද්දි හෙන ගහන්න වගේ ගම්මඩුව ටවුන් එකට පොඩ්ඩක් එහා පාර මැද්දෑවෙ කොල්ලො සෙට් 1ක් බොනව දාගෙන. මං හෝ පාරක් ගැහුව අයින් වෙන්න කියල මෙන්න සෙට් 1ක වටකොරගත්ත කාර් එක. දොර ඇරපිය කියාගෙන කාර් එකට 5ක් 6ක් තඩි බෑවෙ නතෑ උන් ටික. මං හිතුවෙ වින්ඩ් ස්ක්‍රීන් 1කට බඩු තමා කියල. එතන සිහියෙන් හිටි 1ක් අරුන් ටික පැත්තකට කරන්න ගියත් වැඩේ හරි ගියේම නෑ.. ඒපාර හිරාන් දොර ඇරිය.. ෂිහ් මං හිතුව හරි තමයි කියල එකෙක් කාර් 1ක අතුලටම ආව.. ඒපාර හරි අය්ය… හරි අය්ය… කියල යන්තං ශේප් කරන් දොරවහපං කියල කෙලමෝලෙන් ඇදල ආව … හරියට නිකන් චාන්ස්1ක් ආපු ගමන් කනෙන් රිංගුව වගේ…. බුදු අම්මෝ….. පැය භාගයක් යනකන් හාට් 1 ස්ටක් වෙලා තිබ්බෙ.

හා ඒක නෙමේ, ආයෙම මාතලේ එද්දි පොලීසියට අහුවුනා නොවැ .. සීට් බෙල්ට් දාන් ගියෙත් නෑ හෙඩ් ලයිටුත් 1කයි පත්තු වෙන්නෙ… ඒපාර රාළහාමි මාමට රු.150ක් දීල බේරිල ආව.. පගා මරුවෙක් ඌ….

කොහොමින් කොහොම හරි ඒ ප්‍රශ්නෙත් ගොඩදාගෙන මාතලේට ඇවිල්ල රෙස්ට් හවුස් 1කක ඉඳල පහුවදා ඒකියන්නෙ හරියටම 2012 ලබපු ගමන් 01 වෙනිද සුභ මුහුර්තියෙන් පාන්දර 6ට විතර ආව ගම්මඩු නගින්න….. ඉතිං නැග්ගෙ නැතැ‍යි 7 ඉඳන් 10.30 වෙනකන්….. උඩට යද්දි පාන් කියාගන්න බැරුව හිටියෙ. යද්දි තමයි දැක්කෙ ඒ පාරෙ 4 වීල් තියා 10 වීල් වත් යන්න බැරි බව. හම්මෝ මදැයි ගම්මඩු ගියා…

 

අර බඩුත් උස්සන් අර කන්ද නැග්ග කිව්වම තාම ඇඟේ හිරිගඩු පිපෙනව ඕයි……  කමක් නෑ අමාරු වැඩක් කරාම තමයි හිතට ෆිට්1කක් එන්නෙ. අලුත් අවුරුද්දෙ කවුරුවත් නොකරන ජාතියෙ වැඩක් කොරල ස්ටාර්ට් 1ක් ගත්ත.  ජීවිතේ අමතක නොවන එක්ස්පීරියන්ස් 1ක් …..!! කාට හරි ගම්මඩු පැත්තෙ යන්න ඕනෙනම් වහාම මාව අමතන්න. (ජීවිතේට එකම එක පාරක් විතරක් යන්න ඕඅන තැනක් තමයි ගම්මඩු කියන්නෙ.)

ඩී.කේ. වයිල්ඩ්-ග්‍රාෆ් ඇඩ්වෙන්චර් 2012 බිගින්ස්………!!!

 

සුභ අලුත් අවුරුද්දක් වේවා…!!

කවුද හරි..?

 

 

 

ගණිතයේ විවිධාකාර හැසිරීම් තියනව…

ඉතිං ඒ විවිධාකාර ප්‍රයෝග අතර මතභේදාත්මක ගැටලුවක් තමා මේකෙ තියෙන්නෙ.

බැලූ බැල්මට සරල වගේ පෙනුනත් ටිකක් විතර හිතල බලල හරියටම උත්තරේ කියන්න බලන්න…

 

 

විවිධ පුද්ගලයන් විවිධාකාර උත්තර සපයනව.. ඒවට විවිධාකාර හේතුත් තියනව.. ඔබට හිතෙන දේත් කියල දාන්න බලන්න.

 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 – 1 + 1 + 1 + 1 + 1 + 1 + 1 x 0 = ?

 

නවාතැනේ අල්ලාප සල්ලාප 1

හලෝ එව්‍රිබොඩි..! ගුඩ් මෝර්නින්ග් කිව්ව ඔයාලට...
බොහොම කාලෙකට පස්සෙ පෝස්ට්1ක් දාන්න කියල ආව...

දැන් DK සහෝදරය ඉන්නේ කටුනායක පැත්තෙනේ...
අලුත් ප්‍රාන්තෙ ගැන නම් ඉතිං කියල වැඩක් නෑ....
දවාලෙට සීතල තමා ඉවසන්න බැරි.
දැන් කොල්ල ඉංජිනේරු තාක්ෂණ ආයතනයට (IET)ගියාට පස්සෙ බෝඩිම් කාරයෙක් උනා නොවැ....
කවද කාපු ටකරං ද නේද...!
ඉතිං යාලුවනේ මම ඉන්නේ තවත් අතීසාර අති පජාත අකල්‍යාණ කෙලගුවේර මිත්‍රයෝ 3න් දෙනෙක් එක්ක... 
 මේ මාර දූතයෝ 3න් දෙනා ගැන කියන්න ගියොත් ලබන බරහස්පතින්ද තියන එක්සෑම් එකට කෙළවෙනව 
ඒක හින්ද කෙටියෙන් කියන්නම්....

අපේ බෝඩිමේ ඉන්න ලොකුම එහෙමත් නැත්නම් විසාලම මනුස්සයගෙන් පටන් ගන්නම් මිනිහ ගැන කියන්න 
මෙතන ඉඩ මදි... පස්සෙ වෙන පෝස්ට් එකකින් කියන්නම් පොර ගැන.. 
මෑන්ස් ගේ නම ඇවිල්ල "පිළිබඳ" නම ආපු හැටි එහෙම ඉදිරියේදි කියන්නම්...
පිළිබඳගේ තියන සුවිශේෂීම දක්ශතාවය තමයි ඕනම සීතල ප්‍රාන්තෙකට ගිහිල්ල ඕන තරම් 
"අයිස් ක්‍රීම් කන්න" පුලුවන් කම ... අයිස් ක්‍රීම් කනව කියන එකේ තේරුම කට්ටිය පුලුවන් නම් හොයාගන්න... 
බරි උනත් කමක් නෑ ඉදිරි ලිපි වලදි හොඳට තේරේවි....

බෝඩිමේ ඉන්න තව එකක් තමයි “චේන්” මෑන්ස් අපේ ගෙවල් ගාවම මාත් එක්ක 1 වසරෙ ඉඳන් අකුරට ගිය

සියදෝරිස් කෙනෙක්…. මිනිහ ටිකක් කතාවට හොරයි.. හැබයි නලු නිලියන්ගෙ ඕප දූප හොයන්න නම්

කියාපු මිනිහ බොක්ස් ඔපිස් නුත් තියයි..!

හරි දැන් 2න්නෙක් ගැන කියල ඉවරයි දැන් තමයි සුපිරි මිනිහ ගැන කියන්නෙ... 
මේ කියන වෙලාවෙත් සුවර් එකටම මෑන්ස් රෙද්දක් පොරවන් ගොරව ගොරව බුදි ඇති...
නමින් "ලොකා" හැබැයි කරන වැඩ නම් හෙන්චය්ය ටයිප්.. O.o ලෝකෙ පෙල්ලෙනව කිව්වත් 
මිනිහගෙ වැඩේ නිදාගන්න එක... මාර හැකියාවක් ඒක..! සුපිරියි අති විශිෂ්ටයි..!
ලෝකෙටම එකයි...! මෑන්ස් ටික වෙලාවක් හරි ඇහරල හිටියොත් කරන එකම වැඩේ 
බලාපු ෆිල්ම්ස් එකක් පට්ට ගහන එක.! අති කුජීතයි... 
අහ් අමතක වෙනව තව පොඩ්ඩෙන් මිනිහ තරම් හොඳට වන් ටු වන් ගහන්න 
අපේ බැච් එකේ මොකෙක්ටවත් බෑ.... මිනිහගේ ප්‍රියතම ගුරුවරය තමයි "ගමගේ සර්"  
සර් ගැනත් ඉස්සරහට කියන්නම් රසකතා එමටයි...

ඔන්න කැරක්ටර් 3න.. මුන් 3න් දෙනා ගැන කියන්න කතා ඕනතරම් තියනව 
ඉක්මනටම අරගෙන එන්නම්  එතකන් හැමෝටම සුබ දවසක්!

“විදුරුත් නින්නද 2011″

අක්කා : “අහ් අන්න  ලිවුම් කාරයා ඇවිත්.”

මල්ලි : “අප්පට සිරි මේ මොකද්ද මේ.. ඉන්විටේෂන් 1ක්… මෙච්චර ලස්සන එකක් ආවමයි..”

අක්ක : “කෝ ඉතින් ඉක්මනට කඩනවකො බලන්න..”

මල්ලි : “පොඩ්ඩක් ඉන්නව හලෝ .. හිකිz මේක ඔයාට නෙමේ මේක මේ වැදගත් ඉස්කෝලෙක වැදගත් වැඩක්.. මේක මට එවල තියෙන්නෙ…”

අම්මා : ” මොකද්ද ඔය වැදගත් වැඩේ..? රිච්මන්ඩ් එකේ සයන්ස් ඩේ එකවත් ද..? “

මල්ලි : “හරියට හරි අම්මට තේරුණා… මේ මැට්ටිට ඒකවත් තේරෙන්නෙ නෑ නෙ.. නේද අම්මා”

අම්මා : “ඕක මං කිව්වෙ අවුරුදු ගානක අත්දැකීම් වලින්… ඔයාලගෙ මාමලගේ කාලෙත් අපේ ගෙදර ඔයවගේ ලිවුම් ආව. ඇයි අල්ලපු ගෙදර අය්ය ඉන්න කාලෙත් එහෙත් එහෙමයි… රිච්මන්ඩ් කියන්නෙ   රටක් වටින ඉස්කෝලයක්. එහෙම ඉස්කෝලෙක ඉගෙන ගන්න ලැබෙන්නෙ පෙර ආත්ම 7කදි ගොඩාක් පින් කරපු අයට කියල පුතාලගෙ සීය ඉස්සර කියනව.. “

මල්ලි : “නෑ… අපරාදෙ අක්කටත් කොල්ලෙක් වෙන්නයි තිබුනෙ…  ”

අක්කා : “අනේ යනව යන්න..”

මල්ලි : “කමක් නෑ දැන් ඉතිං අර රෑට රෑට මිස් කෝල් දෙන අර අරයව ඉක්මනට කසාද බැඳල පුංචි කොලු පැටියෙක් වත් හදා ගන්නව රිච්මන්ඩ් යවන්න…. “

“විදුරුත් නින්නද 2011″ රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනය හෙට දින(10/02/2011) දින පැවැත්වෙනවා.පැවැත්වෙන්නේ විද්‍යාලීය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර බහුකාර්ය ශාලාවේදී.
මීට සමගාමීව පසුගිය සඳුදා සහ අඟහරුවාදා දින දෙකේ සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුවක් කෙරුනා.ඒ වගේම අ.පො.ස(උ.පෙ.)සඳහා අවශ්‍ය වන සියලුම ක්‍රියාකාරකම් ඇතුලත් ඩී.වී.ඩී තැටියකුත් නිකුත් කෙරුණා.
හෙට විද්‍යා දිනයේදී රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා සංගමයේ නිළ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ.ඒ වගේම විද්‍යා දින ඉතිහාසයේ පෙරළියක් කරමින් මේපාර විද්‍යා දිනය අන්තර්ජාලය හරහා විහිදුවා හරින්නත් බලාපොරොත්තු වෙනවා.ඒ විකාශනය දැනට දැනගන්න තියෙන විදිහටෆේස්බුක් පේජ් එක හරහා සහ හෙට එළිදැක්වෙන රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා සංගමයේ නිළ වෙබ් අඩවිය හරහාත් ප්‍රකාශය කෙරෙනවා.(දැනට මේ අඩවියේ ලිපිනය ඇතුලු සියලුම දේවල් රහස්‍යයි.)
හැකියාවක් ලැබුනොත් http://www.facebook.com/richmondcollege හරහා සහ බ්ලොග් අඩවි කිහිපයක් හරහාත් විද්‍යා දිනය නරඹන්න අවකාශය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ පෙරළිකාර විද්‍යා දිනය ඔයාලටත් නරඹන්න කියලා ආරාධනා කරනවා. වැඩි විස්තර http://www.fb.com/richmondcollege වෙතින් බලාපොරොත්තුවන්න..
සියල්ල රිච්මන්ඩ් නමටය – නොවේ කිසිවක් තමනට..

අවවාදයයි : මූණුපොතේ ආරක්ෂාව තර කරගනු..! [#https]

ආයුබෝවන්..!

හැමෝමල ෆේස්බුක් යනවනේ..? යන්න කලිං මේටිකත් දැනගෙනම ගියානම් තමයි හොඳ..! ඕං මං කිව්ව.!

මූණු පොතේ ඉන්න අයට මෙය අතිශයින්ම වැදගත් කරුණක් වේවි.  ප්‍රථමයෙන් Gawker.comවෙත ස්තූතිවන්ත වෙනවා මෙය සඳහන් කිරීම සම්බන්ධව. මූලිකවම මෙය https browsing ලෙස හන්දුන්වනවා එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමෙන් වඩා වැඩි ආරක්ෂාවක් සහිතව අනාරක්ෂිතwireless networks මගින් මූනුපොතේ සැරිසැරීමට අපට හැකිවෙනවා.

ඉහත ලිපියේ වූ මා නෙත ගැ‍ටුනු වැකිය වන්නේ….

One blogger sitting in a random New York Starbucks was able to steal 20-40 Facebook identities in half an hour.

ඇත්තටම හැකි ඉක්මණින් මෙය අප විසින් අපේ account settings හි සකස්කරගතයුතු  යමක් වෙනවා. තවමත් facebook මෙය නිලවශයෙන්  ප්‍රකාශයට පත්කර නැති අතර ඉතා ඉක්මණින් ඔවුන් මෙය ඉදිරිපත්කරන්නට නියමිතයි…  ඔබේ ගිනුමේ settings වල මෙය නොමැතිනම් ඒ ගැන අවධානයෙන් සිටින්න නුදුරේදිම මෙය ඔබේ settings වෙත පැමිණෙනු ඇත.
මෙන්න ආරක්ෂාවේ මාවත..

පියවර 1 : මෙම යූ.ආර්.එල්. එකට යන්න https://www.facebook.com/editaccount.php

පියවර 2 : ‘Account Security’ මත ඔබන්න

පියවර 3 : “Secure Browsing (HTTPS)” නම් කො‍ටුව මත ‘හයියෙන්’(:පී) ඔබන්න.

පියවර 4 : දැන් ටිකක් නින්ද යාවි වෙනදට වඩා .. මොකද දැන් ඔබ ආරක්ෂාකාරී මාවතට පිවිසී හමාරයි.
ඔබට මුනුපොතේ ආරක්ශාව ගැන මොකද හිතෙන්නෙ? මම නම් හිතන්නෙ facebook මීට වඩා එයාලගෙ පාරිභෝගික ජනතාව වෙත සරලව මෙවැනි දේ පිලිබඳව දැනුවත් කලයුතුයි කියල…  මේව නොදන්න අයට අනේ දෙය්යනේ මොකද වෙන්න? අනේ මාව හැක් කලා කවෘරු හරි හෙල්ප් මී කිය කියා ඉන්න නේ වෙන්නෙ…  fb personalization නම් හොදටම මදි කියලයි මගේ මතය…

ඔබට ජය..!

 

ප ලි : වැරදියට වටහාගන්න එපා මේක හැමෝගෙම ගිණුම් වල නැතුව ඇති.. එහෙම එකක් පෙන්නන්නෙ නැති අයගෙ ගිනුම් වලට තව දින 3ක් 4ක් යද්දි ඒවි.. අවධාඅනයෙන් සිටින්න…

ජනාධිපතිවරයාට පිළිකාවක් ද…?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ දිනවල සාවද්‍ය පුවතක් පැතිරෙමින් පවතියි.. මෙය ජාත්‍යන්තරව යම් සන්විධානාත්මකව සිදුවෙමින් පවතින බව දැන් දැන් පැහැදිලි වෙමින් පවතියි…

පසුගිය දිනවල ජනාධිපතිවරයා සිය පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරත වූ සංචාරය නිමිති කරගෙන මෙම පුවත ඇතැම් වෙබ් අඩවි වල පළවී තිබේ. එම වෙබ් අඩවි කියා සිටින්නේ ජනාදිපතිවරයාට පිළිකාවක් සෑදී ඇතිබවත් එයට ප්‍රතිකාර ගැනීමට ඇමෙරිකාව බලා ගියබවත් ය.

පුවත පළවී ඇත්තේ www.topix.com නම් වෙබ් අඩවියක ය. එහි කිසිදු විස්තරාත්මක පුවතක් පලවී නොමැති අතර හුදෙක් මාතෘකාව පමණක් දර්ශනය වීම විශේෂත්වයකි. එමන්ම මෙහි comments පළකර ඇති ආකාරය බැලූ කල එය ශ්‍රීලංකාවට හා මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීමට යොදාගෙන ඇති බව පෙනීයයි.  එම කොමෙන්‍ටු වල ජාත්‍යන්තර ඩෑෂ් පෝරාවේ අවශ්‍යතාවන් මත පලකිරීමක් බව හොඬින් බැලූකල පැහැදිලිවෙයි.

ජාත්‍යන්තරව එල්ල වෙන මෙවැනි මඩ ප්‍රහාර වල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමෙන් තොරව තැන් තැන් වල කටකතා පැතිරවීමෙන් වැළකී සිටින මෙන් සියලු ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලා සිටිමි.

අදාළ පුවත වෙත යාමට මෙතන කොටන්න

 

හැගීම්ස්… 1

කාලෙකින් ටිකක් හිතල යමක් ලියන්න කියල හිතුව… ඒත් කොහෙද මේ නොසංසුන් හිතට හිතෙන දේවල් පෙළගස්වන එක තමයි අමාරුම කටයුත්ත. ඔන්න මේ සතියෙත් පට්ටම බිසී වීක් එකක් වෙනව . ඇතතටම කිව්වොත් බිසී නෑ ඕනකමින් බිසී කරගත්ත. මේ තත්ත්වය යම් හෙයකින් හෝ අපගමනය වෙනවානම් එය 2011 ලෝක කුසලානයෙන් පස්සෙ තමයි.. මොකද මම ඒ තරම්ම ක්‍රිකට් පිස්සෙක් නිසා..

හරි මම මේ ලියන්න යන්නෙ ක්‍රිකට් ගැන නම් නෙමෙයි හැබැයි මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්නෙ ක්‍රිකට් හරහා තමයි. දැන් අපේ රටේ ක්‍රිකට් භීතිකාවක් ද මේනියාවක් ද මොකද්ද එකක් තියනවනෙ. අනේ මම නම් දන්නෙ නෑ ඔන්න ඒගැන. ඉතිං ඔය තත්ත්වෙ තවත් දරුනු වෙන්න තියනව  මොකද ඉදිරි කාලයේ පාසල් ක්‍රිකට් වසන්තය එනවත් එක්ක කට්ටියට පිස්සු වැටෙනව ඩෙෆා. ඉතිං ඔන්න බිග් මැච් කාලෙට අපේ ඉස්කෝලෙ තමයි හොඳම ඉස්කෝලෙ කියලනෙ ඔක්කොමල කියන්නෙ ඒ කාලෙට හරි අමුතු ගටක් එනවනෙ හිත්වලට. මැච් එක විතරක් නෙමේ මුලු ඉස්කෝලෙම “බෙස්ට්” කියල කට්ටිය කැගහල හුරේ දාල එක යුද්දයක්නොවැ ඒ කාලෙට බලන්න එපායැ උජාරුව අපේ ගොයියලගෙ.. මාත් ඔහොම්ම තමයි මෙහෙම කිව්වට හැබැයි. ඉතිං ඔහොම තමන්ගෙ ඉස්කෝලෙට කඩේ යන ගමන් ප්‍රතිවාදී ඉස්කෝලෙ පහත් කරල අතුගාල දාන්නත් අපේ අය හරි දස්සයි නෙ.

පොඩි නිදසුනක් කියන්නම් … මේ ඉස්කෝල 2කක දෙන්නෙක් අතරෙ ගිය ඩයලොග් එකක්..
A : මචං මේ පාරනම් අපි බිග් මැච් එක ගහනව ෂුවර්..

B : මොකද්ද බං උබේ කොලේජ් එක.?

A : බ්ලා බ්ලා බ්ලා ස්කූල් එක.

B : අපෝ අර රේපර්  ___ ගියපු ඉස්කෝලෙ නේද. චාටර්.

A : අනේ පලයං උබලයි ඉස්කෝලෙ ඉන්නෙ ංංංං උන් නේ.

ඔන්න ඔහොමයි අනුන්ගෙ ඉස්කෝල පහත් කරල කතාකරන්නෙ කට්ටිය. එහෙම කියන්න කලිං ඒක තමන්ගෙ ඉස්කෝලෙට කිව්වනම් තමන්ට කොච්චර දුක හිතෙනවද කියල ඒ උදවිය හිතන්නෙ නැහැනේ. ඒ වගේම ඉස්කෝලෙ වෙනුවෙන් එකාවන්ව පෙළ ගැහෙන අපි යම් යම් සමාජ විරෝධී කටයුතු වල නිරතවෙන්න කලිනුත් ඊට පස්සෙ ඉස්කෝලෙ කීර්තිනාමෙට කැලලක් වෙනවනේද කියල හිතල බලල කටයුතු කරන්නත් පුරුදු වෙන්න ඕනෙ.  ඔය විදියට හැමෝම හිතන්න පුරුදු උනා නම් අපි කාගෙ කාගෙත් ඉස්කෝල කිසිවකට දෙවැනි නොවන හොඳම ඉස්කෝල බවට නිකම්ම පත්වෙනව.

මං මේ කියන්න උත්සාහ ගත්තු දේ කට්ටියට වැටහෙන්න ඇති කියල හිතනව. අපි යමක් කරන්න කලිං ඒගැන ඉස්කෝලෙ නාමෙන්වත් හොඳයි ද වැරදියිද කියල හිතල බලල කටයුතු කරමු නේ ද…?

ඉන්ද්‍රචාප ලියනගේ සිනමාවට..!

“සින්ඩරෙල්ලා” නමින් අලුත්ම චිත්‍රපටයක් ඉදිරි කාලයේදී අපේ සිනමා ලෝලීන්ට නැරඹීමට වරම් හිමිවෙයි. මෙම චිත්‍රපටය වෙනස්ම තේමාවක් යටතේ ඉදිරිපත් කෙරෙන අතර ප්‍රවීණ සිනමා නිර්මාපිකාවක් වන ඉනෝකා සත්‍යාංගනී මෙම චිත්‍රපටය ඔබ වෙත ගෙන එයි. ඉනෝකා සත්‍යාංගනී යනු සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකාවකි.. මෙයට පෙර ඇය නිපදවූ “සුලං කිරිල්ලී ” චිත්‍රපටය සම්මාන රැසකට පාත්‍ර වූවකි.

නිරෝෂා පෙරේරා,සනත් ගුණතිලක සන පුබුදු චතුරංග යන ප්‍රවීණ නළු නිළියන් ගොන්නක් අතරට එක්වන නවක මුහුණු දෙකක් ද වීම මේ චිත්‍රපටයේ විශේෂත්වයයි. එනම් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම මෑතකදී නර්තන ලොව ජන්ප්‍රිය තරුවක් වන අකලංක ගනේගම සමඟ දිවයිනේ නවක පරපුරේ නමක් දිනූ සංගීතහඳයෙක් වන ඉන්ද්‍රචාප ලියනගේ මෙම සිනමාපටයට නවකයන් වශයෙන් එක්වීමයි.

මෙහි මුහුරත් උලෙළ හෙට දින පැවැත්වීමට නියමිතයි..

[දැන්වීම්] සිහින බක්මහ උළෙල 2011

මචං..

ම්ම්ම්ම්ම..

අවුරුදු උත්සවයක් තියවලු නේද??
කොහෙද බං….
හෙන්රි ප්‍රේද්‍රිස් එකේ බං..
නොදකින් උඹ දන්නෙවත් නැද්ද…
හුටා… මං දැක්කා බං පොස්ට් එක.. ඒක සිරාවටද ඇ….
සිරාවට තමා බොල.. උඹ යනවද??
යමු නේ බං.. කන්නත් දෙනවලුනේ……..
කන්න නෙමේ බං.. ආතල් එකක් දාන්න පුලුවන්.. කෙල්ලොත් එනවලුද ?….
ඔවු බං බුකියෙ සෙට් බහිනවලු බං..
නෑ……. එහෙනුත් එනවලුද… මරුනේ බං…… යමු යමු….
එහෙනන් කොහේටද සෙට් වෙන්නේ…
කෙලින්ම එතනට බහිමු..
කීයටද..

අපි 9.30ට යමු බං…

එහෙනන් අප්‍රේල් 3 වැඩ දාගන්න එපා හරිද ? ..

අනිවා… මං එනවා..

එළස්.. සෙට් වෙමු වෙලාවක..

අනිවා..
බායි මචං…

ජීවිතේ අපිට උදා කර ගත නොහැකි යැයි සිතෙන සිතුවිලි සැබෑ වෙන්නෙ නොසිතූ වෙලාවක… බ්ලොග් ලියන කියවන, සින්ඩි පවත්වාගෙන යන, මූණුපොතේ ජීවත් වෙන, කොටින්ම කියනවනම් අන්තර් ජාලය ජීවිතේ කරගත්ත අපි, මූණට මූණ හම්බෙන්නයි යන්නේ……. ඇත්තටම ලංකාවේ අන්තර්ජාලය තුලින් හඳුනාගෙන මූනු පොතේ, ගූගල් බස් එකේ යහළුවෝ වෙච්ච, එකිනෙකාගෙ බ්ලොග් වල පාඨකයො වෙච්ච, අපේ සුන්දර සයිබර් ජීවිතයට ඊටත් එහා දෙයක් එකතු කරන්නයි අපි මේ වෑයම් කරන්නේ…

[ මෙම ලිපිය කැමති කෙනෙක්ට තම තමන්ගේ බ්ලොග් අඩවි වල පල කිරීමට අවසරයක් තියෙනවා. විශේශ ස්තුතිය :- පසන් මදුරංග මගේ සද ] ඇතුලු සංවිධායක මණ්ඩලයට ]

දිනය : 2011 බක්මස 3 වෙනි ඉරු දින
ස්ථානය : තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය [ සිතියම අමුණා ඇත ]
වේලාව : උදැසන 9.30 සිට හවස 3.30 දක්වා

ඉදිරි කාල වලදි බ්ලොග් අඩවි වලට අවශ්‍ය කරන බැනර් ලබා දෙනු ලැබේ. වැඩේ කෙරෙන විදිය බලා ගන්න ඔනේ නම් සයිබර් සැණකෙලිය බ්ලොග් අඩවියට පිවිසෙන්න

 

Follow

Get every new post delivered to your Inbox.